Gossip

අපේ කට්ටිය හු කියද්දී බංගලි ක්‍රීඩකයෝ ගහගන්න ආපු වීඩියෝව මෙන්න


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

අවසාන පන්දු ඕවර දෙක තුල ලකුණු 35 ක් ඉන්දියාවට අවශ්‍ය වූ අතර එම ලකුණු සංඛ්‍යාව සදහා දිනේෂ් කාර්තික් විසින් පන්දු 8ක් තුල ලකුණු 28 ක් ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය.

අවසාන පන්දුව සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර දිනේෂ් කාර්තික් විසින් එල්ල කල පහර 6 සීමාව පසුකල ගියේ සියල්ලන්ගේ ඇස් මවිත කරමින්ය.

තරගය අතරතුර බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ක්‍රීඩාගාරයට යන විට ක්‍රීඩාගාරයේ ඇති වැටට කකුලෙන් ගසන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුල සංසරණය වනවා.එම වීඩියෝව පහතින්

Facebook Comments

Leave a Comment

Skip to toolbar