කෝලි ඇවිත් කීවට පස්සෙයි හැමදේම පටන් ගත්තේ..මම කීවා ඒක මට වැදගත් නෑ කියලා – ඉන්දියානු නායකයාගේ කතාවට දික්වැල්ල පිළිතුරු දෙයි (VIDEO)

Loading...

කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී තමන් සිතා මතාම කල් මැරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසයි. එම තරගයේ ජයග්‍රහණයේ සීමාවටම ඉන්දිය කණ්ඩායම පැමිණියත් දික්වැල්ල විවිධ උපක්‍රම හරහා කල් මැරීමෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කටයුතු කළේය.

“ ඒක ආරම්භ වුණේ මම ස්කෙවෙයාර් ලෙග් කලාපයෙන් හයේ පහරක් එල්ල කළ විටයි. ඒ අවස්ථාවේදී එම කලාපයේ පන්දු රකින්නන් තිදෙනෙක් සිටියා. මම එය විනිසුරු නයිජල් ලෝංග්ට පැවසුවා. ඊට පසුව නිපන්දුවක් ලෙස එම පන්දුව සටහන් කළා. පසුව විරාත් කෝලි මට පැවැසුවා ‘ ඒක විනිසුරන්ගේ රාජකාරියක්. ඒ ගැන ඔබ දුක්වෙන්න ඕන නෑ ’ ලෙස පැවසුවා. එතනින් පසුවයි හැමදේම ආරම්භ වුණේ ”

“මම හිතුවා මෙය ඉදිරියට ගෙන යන්න. ඒ වගේම එය කල් මැරීමට හොඳ අවස්ථාවක්. එසේම කෝලිත් දැනගත්තා මම කරන්න හදන දේ. ඊට පසුවයි මොහොමඩ් සාමි සමග වචන හුමවාරුව අතිවුණේ. එය විනෝදයි. මම හිතනවා මම සටන දිනුවා කියා”

“ සාමි මා දෙසට පැමිණ කීවා ‘ බලන්න මම මෙහෙන්. මම කොල්කටාවෙන් යැයි පැවුසුවා’ මම කිව්වා ‘ ඒක මට වැදගත් නෑ කියලා’ ආයෙත් පසුව කිව්වා ‘ නමුත් ඔබ හොඳ වේගයකින් හා ඉපළීමකින් පන්දු යවනවා කියා’ එයින් ඔහු සතුටුවුණා. ආපසු හැරී ගියා. ”

“ සාමි පන්දු යැවීමට එන විට මම කළේ මගේ කාලය ගැනීමයි. එය ඉන්දියානුවන්ට ගැලපුණේ නෑ. කොහොම වුණත් මම ඒ අවස්ථාව ගැන සතුටුයි. ”

දික්වැල්ලගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි ඊයේ මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.

‘‘මම ඒ වගේ පෞර්ෂත්වයක් දකින්න කැමැතියි.පිටිය මැදදි ඒ වගේ තරඟකාරිත්වයක් දකින්න මම කැමතියි.ඔහු ඉතා ආඩම්බරයෙන් ඔහුගේ ක්‍රීඩාව ගැන හිතනවා.මෙතෙක් කල් ඔහුගෙන් දුටු දේ වලින් මා පුදුමයට පත්වුණා.අවසාන තරඟාවලියේදීත් මා ඒ දේ දැක්කා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුවිශේෂි සේවයක් කරන්න ඔහුට හොඳ හැකියාවක් තියනවා…‘‘

‘‘ මේ ගැන අපි ගුවන් යානයේදීත් කතා වුණා.මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයන්න මා ඕනම දෙයක් කරනවා.උනුසුම් අවස්ථා ඇතිවනවා.ඒත් ඒවා පිටිය මැදදීම ඒ දේවල් අවසන් වනවා.ඕනෑම ප්‍රතිවාදියෙකුට අප ගරු කරනවා.පුංචි ක්‍රීඩකයෙකු වුවත් ඔහු ආක්‍රමණශීලී වගේම ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක්.එය දිගටම පවත්වගෙන යාම පිලිබඳ ඔහුට ගෞරවය හිමිවිය යුතුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සේවයක් කරයි..‘‘ යනුවෙනි.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar