Gossip

ජීවිත ගමනට සමුදුන්න පුංචි කිවිදිය අනුදි රෝහලේදී ජනාධිපති තාත්තාට තැබූ සංවේදී ෆේස් බුක් සටහන – Photos

පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි අනුදි කවුරු අතරත් ජනප්‍රිය වුණේ ඇයගේ අතින් ලියවුණු අපූරු කවි, සහ පොත් නිසයි. ඇයගේ නිර්මාණ මුහුණූ පොතේ සැවොම අතර කතා බහට ලක් වුනා. හැමෝම අනුදිට ආදරය කරන්න පටන් ගත්තා.

නමුත් අනුදි පසු ගිය කාලේ නොසිතූ ලෙස ස්නායු රෝගයකට ගොඳුරු වුනා අනුදිගේ රෝගය සුව කරන්න ඉන්දියාවට රැගෙන ගියත් ඇයගේ රෝගී තත්වය සුව කර ගැනීමට හැකි වෙලා නෑ නැවතත් ලංකාවට පැමැණි අනුදි ඊයේ ජීවිත ගමනට සමුදීලා තිබුණා. මේ පුංචි කිවිදිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජනාධිපති තාත්තට තැබූ ෆේස් බුක් සටහනක් මේ වන විට හැමෝම කතා බහ කරන්න අරන් ඒම සටහනේ තියෙන්නේ රෝහලේ කොරිඩොවේ තියන වලවල් හදලා දෙන්න කියලා මේ ඇය තැබූ සංවේදී ෆෙස් බුක් සටහනයි.

ජනාධිපති තාත්තා වෙත,
පුළුවන් නම් ජාතික රෝහලේ කොරිඩෝවල කැඩුණු තැන් වලට කාටහරි සිමෙන්ති සුට්ටක් දාලා දෙන්න කියන්න….
ට්‍රොලියෙ යද්දි වලවල් වල වැටිලා අභ්‍යාවකාශගත වෙන අපි පව්…..

Facebook Comments

Leave a Comment

Skip to toolbar