Gossip

පරාජය දරා ගත නොහැකි බංගලි ක්‍රිකට් ලෝලීන් ටී.වී පොලේ ගසා යකා නටයි (වීඩියෝ)

Loading...

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

තම කණ්ඩායම ලද පාරජයත් සමග බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට එය ඉවසා දරා ගැනීමට නොහැකි වී තිබෙනවා.ලැබූ පරාජයත් සමග ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ ටීවී යන්ත්‍ර පොලවේ ගසා කුඩු කරන අකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar