Gossip

ෆාමසි ගානේ කට්ට නොකා ෆෝන් බිලටම ගන්න, මහ පාරේ උපත් පාලන කොපු මැෂින් – කොළඹින් වැඩ ඇරඹෙයි (PHOTOS)

උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.උපත් පාලන කොපු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තු පැරැණ්නන් පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල් වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා…

ඒ විදියට ලෝකෙට ආපු උපත් පාලන කොපු අද විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. හැබැයි මේ මොන ආකාරයෙන් තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවෙන් පසුවන බොහෝ දෙනාද අප අතර සිටිනවා. උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්. අප සමාජයේ තවමත් පවතින මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි.ශ්‍රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය.

මීට පිළියමක් ලෙස උපත් පාලන කොපු මහමග දී ලබාගත හැකිවන පරිදි condom vending machine සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එහි පළමු වැන්න මේ වනවිට කොළඹ බුලර්ස් පටුමග ආරම්භයේ (ටොරිංටන්) පිහිටුවා ඇති අතර තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතයි.තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙමගින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවනවා.

එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය කාරණයක් සඳහන් කිරීමකින් තොරව දැක්වෙනු ඇති බවයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සඳහන් කළේ.මෙම පහසුකම දැනට හිමිවනුයේ එක් ජංගම දුරකථන ජාලයක් සඳහා පමණයි.

Facebook Comments

Leave a Comment

Skip to toolbar