Gossip

Dialog ආයතනය විසින් පාරිභෝගිකයින්ට සිදු කරන වංචාවක් හෙළිවෙයි ඉදිරියටත් ඩයලොග් භාවිතා කරනවාද යන්න තීරණය ඔබ අතේ

Loading...

මැලේසියාවේ ඩයලොග් ආසියාටා මව් සමාගම කොටගත් ඩයලොග් ශ්‍රී ලංකා යනු මෙරට විශාලතම පාරිභෝගික ජාලයට හිමිකම් කියන සන්නිවේදන ආයතනයයි.ඩයලොග් සිම් ,ඩයලොග් ටීවි මෙන්ම තවත් සේවාවන් රැසකින් ඔවුන් උපයාගන්නා ලාභය මෙතකැයි කිව නොහැකි තරම් වේ.නමුත් ඔවුන්ගෙන් සිය සේවාදායකයින්ට ගුණාත්මක සේවාවක් සැපයෙනවාද යන්න නම් ගැටලුවක්.පුහුල් හොරා මේ කියන්න හදන්නේත් එවැනිම වූ දෙයක් පිලිබදවයි.

අලුතෙන් ඩයලොග් සිම් පතක් ලබා ගැනීමේදී මීට වසර කිහිපයකට පෙර නම් ඔවුන් විසින් නිකුත් කලේ අලුත්ම සිම්පත්ය.එනම් කිසිවෙකු විසින් මීට පෙර භාවිතා නොකරන ලද අංක සහිත සිම්පත්ය.නමුත් දැන් තත්වය වෙනස්‍ ය.ඔවුන් විසින් දැන් නිකුත් කරනුයේ පෙරදී භාවිතා කරන ලද ,එහෙත් දැන් භාවිතා නොකරන සිම්පත්ය.ශ්‍රී ලංකාවේ ජනගහණයත් වඩා ජංගම දුරකථන භාවිතය වැඩිවීම මීට හේතුවක් වන්නට ඇත.අප මේ පිළිබඳව ඩයලොග් ආයතනයේ පාරිභෝගික සේවාවෙන් විමසූ කල ඔවුන් ප්‍රකාශ කලේ TRC හෙවත් විදුලි සංදේශන නියාමනයෙන් මේ සඳහා පූර්ණ අවසරය ලබා ගෙන තිබෙන බවයි.එසේම මෙම අංක අලුතෙන් ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ යහපත වෙනුවෙන් එම අංකයම මීට පෙර භාවිතා කල සේවාදායකයා පිලිබඳව සම්පූර්ණ දත්ත තමන් සතු බව ඔවුන් පවසයි.

නමුත් මෙහි ඇති භයානකම තත්වය මෙයයි.අප විසින් මෙලෙස ලබා ගන්නා අංකයන් මීට පෙර භාවිතා කරන ලද අය විසින් ,එම අංකයන්ට අදාලව වයිබර්,වට්සැප් වැනි තෙවන පාර්ශවයන්ගේ ගිණුම් සකසා ඇතිනම් එම ගිණුම් අවලංගු වන්නේ නැත.මන්ද එවැන්නක් අවලංගු කිරීමට ඩයලොග් ආයතනයට බලයක් නොමැත.

උදාහරණයක් ලෙසට ඔබ 0771111111 දරණ ඩයලොග් සිම්පත ලබා ගත්තා කියා සිතන්න.නමුත් එම අංකය මීට පෙර වෙනත් කෙනෙකු විසින් භාවිතා කරන ලදුව ,පසු කාලීනව ඔහු එය භාවිතා කිරීම අත් හැරීම නිසා ඩයලොග් ආයතනය විසින් එම අංකය අලුත් කර ඔබට ලබා දෙයි.ඔබ ඔබේ හිත මිතුරන්ට එම අංකය ඔබේ අංකය ලෙස ලබා දෙයි.ඔවුන්ද එය save කරගනී.එහෙත් ඔබ එම අංකයට අදාළව වයිබර්,වට්සැප් ගිණුමක් ඇරඹීමට පෙරම එම අංකයට අදාලව එවැනි ගිණුම් ඔබේ මිතුරන්ට පෙන්වයි.එලෙස පෙන්වන්නේ එම අංකය කලින් භාවිතා කරන ලද පුද්ගලයා ඔහුගේ නමිත් තැනූ වයිබර්,වට්සැප් ගිණුම් ය.ඇතැම් විටෙක ඒවායේ profile picture ලෙස නිරුවත් රූප,අපරාධ වලට අදාල රූප පවා යොදා තිබිය හැක. එම අංකය ඔබට ලැබීමට පෙරම මෙලෙස කිහිප තැන්වලම වෙනත් අයගේ නම් වලින් සටහන්වී තිබෙනවා වෙන්නට පුලුවන්.

මෙම තත්වය කොපමණ භයානකදැයි දැන් ඔබට වැටහෙනවා ඇත.මේ පිලිබඳව ඩයලොග් පාරිභෝගික සේවා අංශයෙන් විමසා තොරතුරක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා ගැනීමකි.ඔවුන්ද මෙම කාරණය ගැන හරි හැටි නොදනී.ඇතැම් විට මෙහි ඇති බැරෑරුම් තත්වය ඔවුන්ටද අවබෝධ වී නැතිවා වන්නට පුලුවන්.

කෙසේ වෙතත් මෙම තත්වය ඩයලොග් ආයතනයට පොදු එකක්ද,නැතිනම් අනෙකුත් සන්නිවේදන ආයතනවලටද අදාල ද යන්න අනෙකුත් සිම් භාවිතා කරන ඔබ මේ වනවිටත් දන්නවා ඇති.මෙම සිදුවීම පිලිබඳව ඩයලොග් ආයතනයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් වේ නම් ඒ සඳහා පුහුල් හොරා වෙබ් අඩවියේ ඉඩකඩ නිරතුරුවම ඔවුන්ට ලැබෙන බව අවසානයේ සටහන් කරන්නෙමු.

Facebook Comments
Loading...

Leave a Comment

Skip to toolbar